බස්නාහිර රෝහල්වල රෙදි සෝදන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 7.5ක්.


බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි ස්වයංක්‍රීය යන්ත්‍ර සුත්‍ර මගින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඉන්දීය සමාගමක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක් වෙයි.

මෙතෙක් කල් රෝහල්වල රෝගීන් සහ ශල්‍ය කර්ම සඳහා භාවිත කරන රෙදි පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබුයේ විවිධ ක්‍රම මගිනි. නව තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම ව්‍යාපෘතිය අනෙතුත් රෝහල්වල ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment