'ජනතා බළාපොරොත්තු ගැන හිතා තීරණයක් ගන්න' - ජනපති අගමැතිට දන්වයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා ඊයේ(12දා) රාත්‍රීයේදී පැවති අතර පැය 02 ක පමණ කාලයක් සාකච්ඡාව පවත්වා තිබේ.

ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිපල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම්දී ඇත.

ඊට ප්‍රථම මේ තත්වය පිළිබඳ අවධානය යොමුකරමින් ඊට ප්‍රථම අග්‍රාමාත්‍යවරයාටම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවද වාර්තාවේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම , කබීර් හෂීම් , මහින්ද අමරවීර , සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගීවී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment