එජාප මන්ත්‍රී ශාන්ත සිසිර කුමාරට වරෙන්තු නිකුත් කරයි

එජාප මන්ත්‍රී ශාන්ත සිසිර කුමාරට වරෙන්තු නිකුත් කරයි

එසේ වරෙන්තු නියෝගයක් නිකුත් කර තිබුණේ ඒ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාය.

ගිනි අවි ආඥා පනත අනුව නිසි බලපත‍්‍රයක් හෝ අවසර පත‍්‍රයක් නොමැතිව ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක්, එම ගැබ් එකක්, රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ 4 ක් සහ රිවෝල්වරයක් ඊට යොදන උණ්ඩ 6 ක්, එස්එම්ඩී කොළ පැහැති ජීව අත්බෝම්බයක්, ටී 70 කොළ පැහැති දුම් බෝම්බයක් යන ආයුධ සිය නිවසේ තබා ගෙන සිටීමේ චෝදනාව මත මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් 2004 මැයි මස 30 වන දින සැකකාර මන්ත‍්‍රිවරයාගේ නිවසේ තිබිය දී මෙකි අවි ආයුධ අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම නඩුවෙි විත්තිකරුවන් හය දෙනෙකු නම් කර තිබූ අතර ඉන් පස් දෙනෙකු තමන් නගා ඇති චෝදනාවන්ට වරදකරුවන් වී දඬුවම් ලබා දී තිබුණි. සැකකාර මන්ත්‍රීවරයා තමන් නිවැරදිකරු බව කියා සිටි නිසා ඔහුට එරෙහිව නඩුව විභාග කිරිමට නියම කර තිබුණු අතර නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර මන්ත‍්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ මන්ත්‍රීවරයාට මෙදින පාර්ලිමේන්තුවට යා යුතුව තිබූ නිසා නොපැමිණි බවය. එම කරුණු ප‍්‍රතික්ෂේප කළ විනිසුරුවරයා සැකකරු අත්අඩංගුවට ගැනීම පිණිස වරෙන්තු නිකුත් කළ අතර එම නඩුව මැයි මස 15 දිනට කල් ගියේය.

ඔගස්ටින් ප‍්‍රනාන්දු - හලාවත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment