මාතෘ භූමියේ නාමය ජාත්‍යන්තර තලයට ගෙනයමින් ලූෂන් පුෂ්පරාජ් කළ සේවයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය නිවසක් ලබාදීම ක්‍රීඩා දිවිය ශක්තිමත් කිරීමට ලබාදෙන උත්තේජනයක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු ඒ බව පැවසුයේ 21 බදාදා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ වෙත නව නිවසක් ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් බව රජය සදහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මාර්ගෝපදේශකත්වය තුළින් ඉදිරියට යන්නට පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතහිත දීමේ තවත් එක් දැවැන්ත පියවරක් ලෙස ලූෂන් පුෂ්පරාජ වෙත බස්නාහිර පළාත තුළින් රුපියල් ලක්ෂ 42ක් වටිනා නව නිවසක් ලබාදීමට කටයුතු කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා එහිදී පවසා ඇත.
එය ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය ශක්තිමත් කරගැනීමට උපකාරි වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment