ත්‍රිරෝද රථ අවම ගාස්තු රු50 දක්වා ඉහලට

ත්‍රිරෝද රථවල අමතර කොටස් මිල ඉහළ යාම නිසා ලබන මස 26වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයගේ ඡාතික ත්‍රිරෝද රථ සම්මේලනය කියයි. බොරැල්ලේ ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පෙරේදා (20) පැවැති මාධ්‍ය හමුවේ දී සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කියා සිටියේ. අමතර කොවල මිල පහත දැමීමට පියවර ගන්නා හැටියට ප්‍රවාහන අමාත්‍යාංශයට හා
මුදල් අමාත්‍යාශයට

කොතෙකුත් කරුණු ඉදිරිපත් කළත් මේ වන තුරු ඒ ගැන අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මේ අනුව දැනට දෙවන කිලෝමිටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ නංවන බව ද ඔහු කීය.

විශේෂයෙන් ත්‍රිරෝද රථවලට කල්බඳු සමාගම්වලින් කෙරෙන අසාධාරණකම් කර්මාන්තය පවත්වාගෙන යාමට විශාල බාදාවක්  බව සහ අමාත්‍යගයට කොතෙකුත් පැමිණිලි කළක් මෙනෙත් සාධාරණ විසඳුමක් නොලැබුණු බව ද කීය.මේ නිසා එම සමාගම්වලින් කෙරෙන අසාධාරණකම්වලට එරෙහිව ලබන සඳුදා (28) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර තිබෙන බව ද පැවසීය.

ලක්ෂ 10ක් වන ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් යැපෙන සංඛ්‍යාව ලක්ෂ 50 පමණ බවත් මෙම ගැටලු සඳහා ක්ෂණික විසඳුමක් දිමට රජය අපොහොසත් වුවහොත් ලබන මැතිවරණයේ දි මෙම ඡන්ද ප්‍රමාණය රජයට එරෙහිව පාවිච්චි කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment