දැරිය අපයෝජනය කළ විදුහල්පතිට දස වසරක සිර දඬුවම්

දැරිය අපයෝජනය කළ විදුහල්පතිට දස වසරක සිර දඬුවම්

අදාළ සිර දඬුවමට අමතරව අගතියට පත් දැරිය හට රුපියල් දස ලක්ෂයක වන්දියක් සහ රුපියල් පන්දහසක දඩයක්ද නියම කළ අතර අධිකරණයට එම වන්දි මුදල සහ දඩ මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් දෙවසරක සිර දඬුවමක් සහ මාසයක සිර දඬුවමක්ද නියම කෙරුණි.

යාපනය නාරන්තනෙයි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ නව හැවිරිදි දැරියක් පාසලේ විදුහල්පතිවරයා විසින් 2009 නොවැම්බර් 1 වනදා සිට 2010 දෙසැම්බර් 26 තෙක් කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදීම අපයෝජනය කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධව කයිට්ස් දිසා අධිකරණයේදී සිදු වූ මූලික නඩු විභාගයේදී ඇප මත මුදා හැර තිබුණි. පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත එම නඩුව යාපනය මහාධිකරණය වෙත මාරුකොට වසරක පමණ කාලයක් නඩුව විභාග වීමෙන් පසුව භෞතික හා විද්‍යානුකූලව සියලු සාක්ෂිවලින් විදුහල්පතිවරයා වරදකරු වන බවට ඔප්පු වීමෙන් පසුව අදාළ නඩුවේ තීන්දුව ලබාදෙමින් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment