කැබිනට් සංශෝධනයට දින කිහිපයක් යනවා - ඇමති රාජිත



සිදු කරන්නට යන කැබිනට් ඇමති ධූර සංශෝධනය මේ සතියේ අඟහරුවාදා සිදු කරන බව දන්වා එය බදාදාටත් පසුව බ්‍රහස්පතින්දාටත් කල්ගිය නමුත් මේ වනවිට එය තවත් දින කිහිපයක් පමාවන බව වාර්තාවේ.

මේ සතිය නිමවෙන්නට පෙර

එය සිදු කළ හැකිවෙතැයි අද කැබිනට් ථීරණ දැන්මුදීමේ මාධ්‍ය හුමවේදී ඇමති රාජිත කීවේය.

ප්‍රශ්නය – කැබිනට් සංශෝධනයක් සිදුවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් අද නොවේ හෙට කියලා කියනවා..
පිළිතුර – කැබිනට් සංශෝධනය සිදු වෙන එක සති ගාණක ඉඳලා තිබුණේ නෑ.. සති ගාණක් තිබුණේ ආණ්ඩුව වෙනස් වෙනවා කියලා නේ… තමුන්නාසේලා ලිව්වෙත් ආණ්ඩුව වෙනස් වෙනවා කියලා නේ…
ප්‍රශ්නය – මේ සතියේ කැබිනට් සංශෝධනය කරනවද?
පිළිතුර – කැබිනට් සංශෝධනය දැනටත් කරගෙන යනවා.. ඒක අනවුස් කරන දවසේ නේ තියෙන්නේ ප්‍රශ්නේ.. මේ සතියේ නම් හිතන්න පුළුවන් මේ සතිය ඉවරවෙන්න ඉස්සල්ලා කරන්න පුළුවන් වෙයි කියලා…

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment