ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මකයි - රනිල්, මහින්ද සහතික වෙයි

ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මකයි - රනිල්, මහින්ද සහතික වෙයි
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගෙන නොමැති බවයි. පක්ෂ දෙක අතර ඇති එකඟතාවයන්ට කිසිදු ගැටලුවක් ඇති වී නොමැති බැවින් තවදුරටත් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.
 
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිපය නියෝජනය කරන සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි නොවූ අතර රාජිත සේනාරත්න මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ඔහු මාධ්‍ය හමුව සඳහා සහභාගි නොවූයේ කුමක් නිසාද යන්න තමන් නොදන්නා බවයි.
 
අපවෙත වාර්තා වන්නේ දයාසිරි ජයසේකර සහ සුසිල් ප්‍රේම්ජයන්ත් යන අමාත්‍යවරුන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ද සහභාගි වී නොමැති බවයි. සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු පිරිසක් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උත්සාහ කළ අතර එය සිදු නොවන්නේ නම් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කළයුතු බවට ද ප්‍රකාශ කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment