සාගල ඉවතට දමා පොලිසිය රාජිතට බාර දෙන බව නිවුස් ටියුබ් කියයි.


ඉදිරියේදී පැවැත්වෙන අමාත්‍ය සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතා යටතට පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන්නැයි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇතැයි නිවුස් ටියුබ් වෙබ්අඩවිය පවසයි.

ජනවාරි 08 බලවේගයේ සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුද එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත්, පසුගිය පාලන සමයේ සිදුවූ වංචා දුෂණ විමර්ශනය කිරීමේදී රාජපක්ෂවරුන්ට නොනිල මට්ටමින් සහය දක්වන බවට පොලිසිය බාර අමාත්‍ය සාගල රත්නායක මහතාට චෝදනා එල්ලවීම මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වීමට හේතුවී තිබෙන බවත් එම වෙබ්අඩවි වාර්තාවේ සඳහන්ය.

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට දායකවූ 'සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, මැතිවරණ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතාගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කළේය.

(News Tube.lk)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment