ජනපති අගමැති තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රියේ.


එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් හා සාකච්ඡාවකින් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් අද රාත්‍රියේ ජනපති හමුවීමට නියමිතය.

මෙම සාකච්ඡාව ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇතැයි බළාපොරොත්තු තැබිය හැක.

රනිල්ගේ ආණ්ඩුවකට සන්ධානයේ කිසිදු සහයක් නෑ

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය හොබවන ආණ්ඩුවක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වයේ සහය කිසි ලෙසකින් හෝ නොලැබෙන බව සන්ධාන මාධ්‍ය ප්‍රකාශක තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ අනූව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුව තුළ සිදුවිය හැකි බල තුලනය විය හැකි ආකාරය අප විමසා බැලුවා.

2015 මහමැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඒක්සත් ජාතික පක්ෂයට ආසන ධුර 106ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූයේ ආසන ධුර 95ක් පමණයි.

ඒ අතරින්  මන්ත්‍රිවරු  52ක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන අතර මන්ත්‍රිවරු 43 දෙනෙක් ජාතික ආණ්ඩුවට සහය පළකරමින් කටයුතු කරනවා.

දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුව තුළ හිමිව ඇති මන්ත්‍රි ධුර සංඛ්‍යාව 16ක් 

ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 6ක් හිමිව තිබෙනවා.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ඊපීඩීපී පක්ෂයට එක් මන්ත්‍රි ධුරයක් බැගින් පාර්ලිමේන්තු අසුන් හිමිව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තවත් මන්ත්‍රීවරු හය දෙනෙකුගේ සහය අවශ්‍යයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment