මෙම ප්‍රකාශය මඟින් ලසන්ත ඝාතනයේ මෙතෙක් සැඟවුණු බොහෝ තොරතුරු නිරාවරණය වනු ඇති බව ඒ මහතාගේ නීතීඥවරුන් පවසයි.
මෙම ප්‍රකාශයේ උදෘත ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතව ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම උදෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කෙරෙණු ඇත.
එමෙන්ම තමන්ව අත් අඩංගුවට ගැනීමෙන් වළක්වාලන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා ද මෙම ප්‍රකාශයේ උදෘත නීතිපතිවරයා විසින් බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණයට ද ඉදිරිපත් කෙරෙණු ඇත.
මෙම ප්‍රකාශයෙන් පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතු මෙතෙක් අඩපණ වී තිබුණු තැන් විසඳී වේගවත්ව ඉදිරියට ඇදෙනු ඇති බව නීතීඥයින්ගේ අදහසයි.
0 comments :
Post a Comment