විජය නිවුස් පේපර්ස් දැන් ජවිපෙ තියරියට වැඩ.


විජය නිවුස් පේපර්ස් විසින් මුද්‍රණය කරනු ලබන ලංකාදීප ඇතුළු පුවත්පත්වල සේවය කරනු ලබන සේවකයන් විසින් එම පුවත්පත හැරගොස් වෙන පුවත්පත්වලට එක්වූ කිසිවකු නැවත සිය ආයතනයට නොගන්නා ලෙස ඉල්ලීමක් කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ

ඔවුන් මේ ඉල්ලීම කර ඇත්තේ එම සමාගම හැර ගොස් වෙනත් පුවත්පත්වලට එක්වීමෙන් පසුව ඒවා වැසීයාමේ හේතුව මත කිහිපදෙනෙකු එම ආයතනයේ රැකියා නැවත ඉල්ලා සිටීම නිසා බවද පැවසේ.

මෙසේ නැවත, එම ආයතනයට එක්වීමට උත්සාහ කරන අය බොහෝදෙනෙකු වෙනත් පුවත්පත් ආයතනවලට සම්බන්ධවීමේන් පසුව එහි සිටි දක්ෂ සේවකයන් ආදාළ ආයතනවෙත බඳවාගෙන සිය ආයතන කඩා වැට්ටීමට කුමන්ත්‍රණය කළ අය බවට ද චෝදනා කර ඇතැයි පැවසේ.

එසේ සමාගම හැර ගිය සේවකයන් ගතහොත් සිය සේවා දායකත්වය 100% බලාපොරොත්තු නොවන ලෙස සේවකයන් පරිපාලනයට දන්වා ඇති බවද වාර්තා වේ.

මෙසේ හැරගියවුන් නැවත නොගැනීමේ ප්‍රතිපත්තිය තදින්ම ක්‍රියාත්මක කරනු ලබන විශේෂ කණ්ඩායමක් ලෙස සැලැකෙන්නේ ජනතා විමුක්ති පෙරමුණය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment