ජනතාව මැතිවරණයේ දී නිවැරදි තීන්දුවක් ලබාදෙන බව සුව ඇමැති කියයි.


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය අද (10) උදෑසන බේරුවල හෙට්ටිමුල්ල විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයට ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

“අද (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් යහපාලනය ඉදිරියට ගෙනයනවා ද, පසුගිය රජය සමයේ පැවැති ජාතිවාදය, ආගම්වාදය, අසමගිය සහ දුෂිත පාලනය යළි රට තුල ස්ථාපිත කරනවා ද, යන කදවුරු දෙකක සටනක් තමයි තිබෙන්නේ. ජනතාව පැහැදිලිව යහපාලනය ඉදිරියට ගෙනයාමට ඡන්දය ප්‍රකාශ කරයි කියා මා බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයින් සියලු දෙනාම මෙම මැතිවරණයේ දී පෙරමුණ ගෙන ක්‍රියා කිරීම සැළකිය යුතු කරුණක්. මැතිවරණයට ක්‍රියාකාරීව ඔවුන් දායක වුනා. එම නිසා එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් මෙම මැතිවරණයෙන් ලැබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එල්ල කළ ප්‍රහාර හමුවේ ඊට පිළිතුරු ලබාදීමට එක්සත් ජාතික පාක්ෂිකයින් අවසන් අදියරේ දී ඉදිරියට පැමිණීම සැළකිය යුතු කරුණක්. රජය ඉදිරියට ගෙනයාමට සහ ආරම්භ කළ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාම සදහා ජනතාව මෙම මැතිවරණයේ දී නිවැරදි තීන්දුවක් ලබාදෙනවා. ප්‍රාදේශිය සභා, නගර සභා සහ මහනගර සභා නිවැරදි පරිපාලනයක් යටතේ ඉදිරියට ගෙනයමින් ගම සංවර්ධනය කිරීම අපගේ අරමුණයි.  බුද්ධිමත් තරුණ පිරිස් සහ වෘත්තීයවේදීන් පවා මෙම මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. මෙම මැතිවරණ ක්‍රමය ඉදිරියටම පවත්වාගෙන යා යුතුයි.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment