තනි ආණ්ඩුවකට එජාප මන්ත්‍රීවරුන් බහුතරයකගේ අනුමැතිය

තනි ආණ්ඩුවකට එජාප මන්ත්‍රීවරුන් බහුතරයකගේ අනුමැතිය

එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇති අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එජාප ආණ්ඩුවක් ඉතා ඉක්මනින් පිහිටුවිය යුතු බවයි. එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අගමැතිවරයාට සියලු සහයෝගය ලබා දෙන බවට ඔවුන් පොරොන්දු වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් පුද්ගලයෙකු එජාප නායකත්වයට පත් කළ යුතු බවට සමාජය තුළ විවිධ කටකතා ප්‍රචාරය වෙමින් පවතින අතර එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පවසන්නේ එජාප නායකත්වය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. නව රජය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවිය යුතු බවත් එජාප නායකයා විය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන්නේ මාධ්‍ය ආයතන නොව එජාප පාක්ෂිකයන් බවත් ඔවුහු අවධාරණය කරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා වියයුතු වන අතර එ් අනුව දැන අමාත්‍ය තනතුරු දරන බොහෝ දෙනෙකුට පිහිටුවීමට නියමිත නව එජාප ආණ්ඩුව තුළදී සිය ඇමතිකම් අත්හැරීමට සිදු වේ. කෙසේ වෙතත් එජාප ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඇමතිකම් අත්හැර සාමාන්‍ය මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිටත් කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එජාපයට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සකස් කරගැනීම වෙනුවෙන් ශ්‍රීලනිප ඇමතිවරුන් 10 දෙනෙකු සමග සාකච්ඡා සිදුකරමින් සිටින අතර එම සාකච්ඡා සාර්ථක බවයි සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ. රාජපක්ෂ විරෝධී මෙම ඇමතිවරුන්ගෙන් කිහිප දෙනෙකු එජාප සාමාජිකත්වය ගැනීමට පවා කැමැත්ත පළකර තිබේ.

මේ අතර අගමැතිවරයා එජාප ඇමතිවරුන් සියලු දෙනාට දන්වා ඇත්තේ කොළඹ නගරයෙන් බැහැරව නොයන ලෙසයි. ඕනෑඹ අවස්ථාවක නව ආණ්ඩුවක් බිහිවීමේ හැකියාවක් පවතින බැවින් එ් සඳහා සූදානම්ව සිටින ලෙස අගමැතිවරයා ඔවුන් වෙත දැනුම් දී තිබේ.

මේ අතර අද දිනයේදී අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වේ. එහිදී නව ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සරල බහුතරය තමන් වෙත ඇති බව අගමැතිවරයා නිළ වශයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

UN

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment