ශ්‍රී ලංකාවේ දී පිළිකා ඖෂධ නිපදවීමට කර්මාන්ත ශාලාවක්.

ශ්‍රී ලංකාවේ දී පිළිකා ඖෂධ නිපදවීමට කර්මාන්ත ශාලාවක්.

 

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම කර්මාන්ත ශාලාව රුපියල් බිලියන 1.4 ක ආයෝජනයකි. ඉන්දියාවේ “ස්පෑල්” සමාගම සහ “සෑන්ස් ඇක්ටිව්” පෞද්ගලික සමාගම ඒකාබද්ධව මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු ලබයි. ඒ අක්කර 15 ක භූම්භාගයකයි. කලුතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 500 කට මෙමගින් රැකියා අවස්ථා උදාවෙයි.

මෙහි ගිවිසුම් අත්සන් කිරිම කලුතර “අවානි” හෝටලයේ දී සිදු කෙරුනි. ලක් රජය වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා සහ ඉන්දීය “ස්පෑල්” සමාගමේ සභාපති විජය ප්‍රකාශ් මහතා මෙම ගිවිසුමට අත්සන් කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. ඒ මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුවයි. වර්තමානයේ ගම්වල ජනතාවත් ඖෂධ ප්‍රතිපත්තිය පිළිබදව කරුණු දන්නවා. ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමේ දී සහ දුම්කොළ සදහා බදු පැනවීමේ දී සමාගම් සමග යුද්ධයක් සිදු කළා. ඉදිරියේ දී තනි සිගරට්ටුව අලෙවි කිරීමත් තහනම් කරනවා. ඉන් පසු සිගරට් පැකට්ටුවක් සදහා රුපියල් 1000 ක් අවශ්‍ය වනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් පසු දෙවන වරට මිල අධික ඖෂධ මිල නියාමනය කිරීමට මම තීරණය කළා. ඒ අනුව පිළිකා ඖෂධ මිල නියාමනය කඩිනමින් ප්‍රකාශයට පත් කරනවා. පිළිකා ඖෂධයක අවම මිල රුපියල් 150000 ක් පමණ වෙනවා. මේ නිසයි ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අපි තීරණය කළේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා සමාගම් 40 ක් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම් වලට අනුව මේ වනවිට මහනුවර, හොරණ යන ප්‍රදේශවල ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිකර නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. කලුතර වැලිපැන්න ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපයක් ඉදිකෙරනවා. එහි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 19 ක් ඉදිවෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ද නව කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් පසු නිෂ්පාදන ධාරිතාවය බිලියන 4 දක්වා ඉහළ යනවා.”

27541051 10155658863029130 2823548534617044068 n

27655092 10155658863114130 6376833920730133483 n

27657554 10155658862994130 6610193870291948063 n

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ එම් සුන්දරලිංගම් මහතා ඇතුලු නිලධාරීන් සහ ජනතාව එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment