වෙල්ලස්‌ස වීරයා බුටාවේ රටේ රාළගේ කඩුව කැඩුවේ කවුද?


 බිබිල නගරයේ පිහිටුවා තිබුණ වෙල්ලස්‌ස සටනේ වීරයා ලෙස පහළ ඌව ජනතාව සලකන බූටාවේ රටේ රාළගේ පිළිරුවෙහි කඩුව දේශපාලනහේතුවක් මත කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසිප් කඩාඉවත්කර
ඇතැයි වාර්තාවේ.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් බිබිල නගරයේදී ඉකුත් 01 දා පැවති රැස්‌වීමකින් පසුව පිළිරුවේ කඩුව කඩා බිඳ දමා ඇති අතර ගල් වලින් පහරදී පිළිමයටද හානි සිදු කර තිබිණි.
මෙම රටේ රාළගේ පිළිරුව මෙයට කලකට පෙර මෙම ස්‌ථානයේ ස්‌ථාපනය කිරීමට මුල් වූ තරුණ සේවා සභාවේ සාමාජිකයකු එක්‌සත් ජාතික පක්‌ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අතර ඔහුගෙන් පළිගැනීම සඳහා මෙම පිළිමය කඩා දැමූ බවත්  එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දේශපාලනඥයකු මෙම ක්‍රියාවට මුල්ව ඇති බවට සැකකරන බවත් පැවසේ.
 කඩුව කඩා දැමීමෙන් පසුව පිළිරුවත්, වසර ගණනාවකට පෙර එය විවෘත කළ අවස්‌ථාවේදී තිබූ අන්දමත් ඡායාරූපයේ දැක්‌වේ.

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment