නුවරඑළියේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇණහිටී - පොළොන්නරුවේ කුඩා දරුවන් මැතිවරණ රාජකාරිවල

නුවරඑළියේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇණහිටී - පොළොන්නරුවේ කුඩා දරුවන් මැතිවරණ රාජකාරිවල
කෙසේ වෙතත් දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීවරයාගේ මැදිහත්වීමෙන් ඒ සඳහා පිළියම් යොදා තිබේ.
 
ඇතැම් රාජ්‍ය ආයතන මගින් ලබාදීමට පොරොන්දු වී තිබූ කැබ්රථ අවශ්‍ය වේලාවට ලබා දී නොමැති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන බව ද රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
 
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යාම සඳහා කුඩා දරුවන් යොදාගෙන ඇති බවට වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස භාවිතා කරන පුලතිසිපුර විද්‍යා පීඨයේ සිට අනෙකුත් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි බෙදාහැරීම සඳහා මෙසේ දරුවන් යොදාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙන්නේ මැතිවරණය සම්බන්ධ කිසිදු කටයුත්තකට කුඩා දරුවන් යොදාගත නොහැකි බවයි.
 
මැතිවරණ දිනයේදී පොලීසිය තදින් සිටී
 
මැතිවරණ දිනයේදී නීතිවිරෝධී කටයුතුවල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
 
ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන අසල බාධාකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්, ඡන්දදායකයන්ට විවිධ බලපෑම් සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටී.
 
UN
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment