හෙඩ් ලයිට් නැතිව ධාවනය වූ ට්‍රැක්ටරයට පාසල් සිසුවා බිළිවෙයි


ආලෝක පහන් නොමැතිව ගමන් කරමින් තිබු ට්‍රැක්ටරයක යතුරුපැදියක් ගැටී පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර
සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.


පසුගිය 23 වැනිදා රාත්‍රී 7.25 ට පමණ පල්ලම - වතුපොළ මාර්ගයේදී මෙම අනතුර සිදුවි ඇත.
අනතුරීන් මිය ගොස් ඇත්තේ පල්ලම - පොත්තුකක්කුලම පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාල් දිසානායක (අවු16) නම් පාසල් සිසුවෙකි.

තුවාල ලබා ඇති පල්ලම - වතුපොළ පදිංචිකරුවන් වන සුධීර යොහාන් ෆොන්සේකා සහ මාරසිංහ ආරච්චිලාගේ අජිත් කුමාර (අවු:62) යන අය හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මියගොස් ඇති සිසුවා තම මිතුරකු සමග යතුරුපැදියකින් පල්ලම දෙස සිට වතුපොළ දෙසට ගමෙන් කරමින් සිට ඇත. ඉදිරියෙන් පැමිණ ඇති  ආලෝක පහන් නොමැතිව ගමන් කරමින් තිබු ට්‍රැක්ටරයක යතුරුපැදිය ගැටී පෙරලී ඒ සමගම පැමිණි වෙනත් යතුරු පැදියක ගැටී අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
අපරික්ෂාකාරීව ට්‍රැක්ටරය පැදවු රියැදුරු පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පල්ලම පොලිස් ස්ථානය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment