අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු ලිපිනයෙත් නෑලු


 මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ලිපිනයේ නොමැති බව අධිවේගී තැපැල ඩි.එච්.එල්. කුරියර් සේවය) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කර ඇතැයි ආරංචිමාර්ග සඳහන්
කරයි.
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුවට
ප්‍රකාශයක් දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කළ නියෝගය අධිවේගී තැපැල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්

මහතාට බාරදීමට උත්සාහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඉංග්‍රීසි භාශාවෙන් නිකුත් කළ නියෝගය අඩංගු නොතීසිය මහේන්ද්‍රන් මහතා පදිංචිව සිටින අංක 201, Cascaden Road, # 18-1, The Tamlison, Singapore 2407726 නිවසට අධිවේගී තැපෑල ඔස්සේ බාරදෙන ලෙස අධිකරණය විසින් කළ නියෝගය අනුව රහස් පොලිසිය කටයුතු කළත් මහේන්ද්‍රන් මහතා අදාළ ලිපිනයේ නොමැති බව ඩි.එච්.එල්. කුරියර් සේය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment