ලසන්ත ඝාතනය සම්බන්ධ මෙතෙක් විමර්ශන වලට අනුව මෙම ඝාතනය සිදු කර ඇත්තේ මේජර් ජනරාල් අමල් කරුණාසේකර යටතේ සිටි සෙබළුන් පිරිසක් විසින් බවට හෙළිදරව් වී තිබේ. අමල් කරුණාසේකර එවකට බස්නාහිර ආඥාදායක ලෙස මීට පෙර පුවතක සඳහන්ව තිබුණේ ප්‍රමාද දෝශයකිනි. අමල් කරුණාසේකර එවකට යුධ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත. අමල් කරුණාසේකර තනතුරට පත් කළේ සරත් ෆොන්සේකා විසින් වුව ද ඔහුගේ සියළුම ක්‍රියාවන් සඳහා සරත් ෆොන්සේකාට වගකිව හැකි නොවේ. ඔහු වැඩිපුර ම ක්‍රියාත්මක වී ඇත්තේ ගෝටාබය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය යටතේය.
එහෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන් සඳහන් කරන්නේ ලසන්ත ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිසේත් ප්‍රකාශ කර නොමැති බවයි. එවන් ප්‍රකාශයක් කිරීමට තමන්ට කිසිදු වුවමනාවක් නොමැති බව ඔවුන් අවධාරණය කරයි.
0 comments :
Post a Comment