'එජාපය සමග ආණ්ඩු කරන්න බෑ' - SLFP


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් ආණ්ඩ කළ නොහැකි බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (11) පවසා ඇත. 

පළාත් පාලන මැතිවරණයේ ජන්ද ප්‍රථිඵල නිකුත් වීමත් සමග ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සමග ජනාධිපති නිල නිවසේදී ඊයේ (11) දහවල් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මෙම ඇමැතිවරු ජනාධිපතිවරයා වෙත මෙම යෝජනාව කර තිබේ. උදෑසන  11.00ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව දහවල් 1.30 පමණ වන තෙක් පැවැති අතර මේ සඳහා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු සියලු දෙනාම පාහේ සහභාගි වී ඇත. 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව පරාජයට පත් කර  ඇත්තේ එක්සත් ජතික පක්ෂයේ වැඩපිළිවෙළ බවත් මේ නිසා එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් ආණ්ඩු කළ නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු මෙහිදී පවසා ඇත. 

ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවූයේද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකලාපයන් නිසා යැයිද මෙම ඇමැතිවරු ජනාධිපතිවරයා වෙත පවසා තිබේ. තමන් බලා‍පොරොත්තු  වූ දේශාපලන වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන වෙනස්කම් කිහිපයක් පමණක් ඉදිරිදින කිහිපය ඇතුළත කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. මෙහිදී ඇමැතිවරුද තම අදහස් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මත  සිදුකළ යුතු වෙනස්කම් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙහිදී යෝජනා ඉදිරිපත් වී තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද අද (12) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment