'මෛත්‍රීගේ නායකත්වයෙන් යහපාලන රජය දිගටම' - එජාපය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජය 2020 දක්‌වා අඛණ්‌ඩව පවත්වාගෙන යා යුතු යෑයි එක්‌සත් ජාතික පක්‍ෂය ඊයේ (11 වැනිදා) තීරණය කර ඇත.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එ. ජා. ප ජ්‍යෙෂ්ඨයන් පිරිසක්‌ ඊයේ හමුවී කළ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

එම තීරණය අගමැතිවරයා විසින් ඊයේ ජනාධිපතිවරයා හමුවී දැනුම් දී ඇත.

ඊට අමතරව එක්‌සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන්ට සහ ආණ්‌ඩු පක්‍ෂයේ පක්‍ෂ නායකයන්ට ද මෙම තීරණය දැනුම් දීමට තීරණය කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment