'මේ පරාජයට ජනපති - අගමැති වගකිව යුතුයි' - මහාචාර්ය සරත් විඡේසූරිය.


ජනවාරි අට ජනවරමට පිටු පෑමේ ප්‍රතිඵල අගමැති සහ ජනපති දෙපළට අත්විඳීමට සිදුව ඇති බවත් ඔවුන්ට ජනතාව හොඳ පාඩමක්‌ උගන්වා ඇති බවත් සාධාරණ සාමාජයක්‌ සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා ඊයේ සඳහන් කළේය.

තමන්ට දුන් ප්‍රතිඥ ඉටු කරනු ඇතැයි වසර තුනක්‌ තිස්‌සේ ජනතාව බලා සිට අවසානයේ ආණ්‌ඩුවට පාඩමක්‌ උගන්වා ඇතැයි හෙතෙම පැවැසීය.

මහාචාර්ය සරත් විඡේසූරිය මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ අය කිසි දෙයක්‌ ඇහුවේ නැහැනේ. ගිය ආණ්‌ඩුවේ අය හොරු කිව්වනම්, අපරාධකාරයෝ කිව්වනම් ඒ බව ඔප්පු කරන්න ඕනෑ. ඒ අය හොරු සහ වංචාකාරයෝ තමයි. ඒ බව ජනතාව විශ්වාසය කළා. නමුත් මේ අය ඒ බව ඔප්පු නොකර ඒ අය සමග ඩීල් දැම්මා.

සාගල රත්නායක වගේ අය මේ වට වගකියන්න ඕනෑ. සාගලත් තනියෙන් කළේ නැහැනේ. අගමැති වගකියන්න ඕනෑ. ඒ වගේම අගමැති විතරක්‌ නෙමෙයි ජනතාව වරම දුන්නේ ජනාධිපතිටයි. මේ දෙන්න තමයි මේ පරාජයට වග කියන්න ඕනෑ.

මෙය ආණ්‌ඩු මාරු කරන මැතිවරණයක්‌ නොවුණත් ජනතාව ප්‍රාදේශීය සභාව තුළ යම් සංඥවක්‌ දී තිබෙනවා. මගේ මතය අනුව එය රටේ අනාගතයට හොඳ දෙයක්‌ වන්නේ නැහැ. මේ ආණ්‌ඩුව ජනවාරි අට ජනමතයට හිස නොනැමීම නිසා පැරණි රාජ්‍ය යාන්ත්‍රණයට රට යාවි. ඒකෙන් නරක ප්‍රතිඵලවලට නියත වශයෙන්ම මුහුණ දෙන්න වේවි."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment