සිව් වතාවක් ස්ත්‍රී දූෂණය කර වසර 12 ක් සිරගෙට යැවුණ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සිසුවා



සිව් වතාවක් ස්ත්‍රී දූෂණය කර
වසර 12 ක් සිරගෙට යැවුණ
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සිසුවා


බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුවෙකු එරට තරුණියක බියවද්දා සිව්වතාවක් දූෂණය කිරීමේ චෝදනා යටතේ වරදකරුවීම නිසා වසර 12 ක සිරදඬුවමකට හා අනතුරුව පිටුවහල් කිරීමකට ලක්ව තිබේ.
25 හැවිරිදි අගම්පොඩි අනුක් ද සොයිසා නමැති ඔහු සීදූව උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එංගලන්තයේ මැන්චෙස්ටර් මෙට්රොපොලිටන් සරසවියේ අධ්‍යාපනය සඳහා ගොස් සිටි අයෙකි. ඔහු විසින් දූෂණයට ලක් කරන ලද සුදු ජාතික තරුණිය උසාවියේදී හෙළිකර තිබුණ විස්තර අනුව 2016 වසරේ සිට
ඔහුගෙන් මෙම කරදර සිදුව තිබේ.
මුලින්ම තමාව සාදයකදී හදුනාගත් මෙම තරුණයා අනතුරුව මැන්චෙස්ටර්හි සහ ලිවර්පූල්හි හෝටල් කාමර වලට ගෙනගොස් දූෂණය කරන ලද බවත් එම අවස්ථාවන්හි තමා විරෝධය පළ කළ විට ඔහු තමන් ඉහළ සබදතා ඇති අයෙකු හා ‘සීරියල් කිලර්‘ කෙනෙකු ලෙස හඳුන්වමින් බියවැද්දූ බවත් ඇය දන්වා සිටියාය.

‘මං 37 දෙනෙක් මරල තියනව. මගෙ ආච්චිව මරපු ගෑනිගෙ බෙල්ල මිරිකලා තමයි මං මැරුවෙ. මගේ තාත්තට ලොස් ඇන්ජලීස් වල තෙල් කොම්පැණියක් අයිතියි.ලන්ඩන් සහ වරින්ටන් වලත් ඒකෙ ශාඛා තියනව. අපිට බොඩිගාඩ්ල ඉන්නව. පොලිසිය අපේ අයට අත තියන්න බයයි‘ යනුවෙන් ඔහු කියා සිටි බව ඇය හෙළි කර ඇත.
උසාවියේදී නීතීඥයින් හෙළි කරන ලද කරුණු අනුව අනුක් ද සොයිසා මෙම කාන්තාවට‘මානසික බ්ලැක්මේල්‘ කිරීමක් සිදු කර මෙම දූෂණ සිදු කර ඇති බව ඔප්පු කර පෙන්වන ලදි. මෙම තරුණියගේ නිවැසියන්ට ඔහු විසින් යොමු කරන ලද තර්ජනාත්මක පණිවිඩ පිළිබදවද කරුණු ඉදිරිපත් විය.

උතුරු ලන්ඩනයේ බ්රෙන්ට් ප්‍රදේශයේ පදිංචිව සිටි අනුක් ද සොයිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූයේ ඇයව දූෂණය කර අසාමාන්‍ය වදදීම් සිදු කරන ලද අවස්ථාවකය. ඇයව අවසන් වරට දූෂණය කරන ලද හෝටල් කාමරයේ රූපවාහිනී යන්ත්‍රයක් කඩා ඇයගේ හිසට පහරදී තිබුණ අතර අනතුරුව ඇගේ රුධිරය ඇය ලවාම පිරිසිඳු කරවන්නට නියෝග කර තිබුණි. ඇය රුධිරය පිරිසිදු කරන ඉරියව් වීඩියෝ කිරීමේ ආශාවකින්ද ඔහු පෙළී තිබේ.ඔහුගේ වදයෙන් බේරෙන්නට බැරි තැන ඇය හෝටලයෙන් පළාවිත් පොලිසියට පැමිණිලි කර තිබුණි.

මෙම පුද්ගලයා මානසික ව්‍යාධී තත්වයක පසුවන අයෙකු බවටත් ‘අසාමාන්‍ය පෞරුෂ ලක්ෂණ‘ සහිත අයෙකු බවටත් උසාවියේදී කරුණු ඉදිරිපත් විය. විනිසුරු මාර්ටින් රුත්ලන්ඩ් දන්වා සිටියේ මෙවැනි අය සමාජය තුළ නිදැල්ලේ තැබීම සමාජයට හිංසාකාරී බවයි. මෙම මානසික තත්වය තුළ ඔහුට සහනයක් සැලසීම අපහසු බවත් දන්වා සිටියේය.

මොහු වසර 12 ක සිර දඩුවමකට ලක්වනු ඇති බවත් ඔහුගේ කල්ක්‍රියාව අනුව එය තවත් වසර 5 ක් දීර්ඝ විය හැකි (වසර17 - 2035 දක්වා) වනු ඇති බවත්ය. එම දඩුවම වින්ද පසුව ඔහුව වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් විය යුතු බවද දන්වා සිටියේය.
ශ්‍රී ලාංකික ස්ත්‍රී දූෂකයා යයි හදුන්වමින් අගම්පොඩි අනුක් ද සොයිසා සම්බන්ධ වාර්තා මේ වනවිට බ්‍රිතාන්‍ය මාධ්‍ය ගණනාවක විස්තරාත්මකව පළ කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment