සැමියා මියගිය දෙදරු මව පැහැරගෙන ගිහින් අතවර කරලා


මෝටර් රථයකින් පැමිණ කාන්තාවක් පැහැරගෙන ගොස් ලැගුම්හලකදී ඇයට අතවර කළ බව කියන එක්
අයකු අත්අඩංගුවට ගෙන ඇති

පුත්තලම පොලිසිය ඊට සමඛන්ධ අනෙක් සැකකරු සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. පෙරේදා (21) මෙම සිද්ධිය සිදු වී ඇති බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා මියගොස් ඇති බව කියයි. පසුව ඇය දරු දෙදෙනා සමග වාසය කර ඇත.  21 වැනිදා මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු තමන්ව පැහරගෙන පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් අතවර කළ බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

අතවරයට ලක්ව ඇති කාන්තාව වෛද්‍ය පර්කෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment