අනුප්‍රාප්තිකයා නම් කරන්න - රනිල්ට බලපෑම්

අනුප්‍රාප්තිකයා නම් කරන්න - රනිල්ට බලපෑම්
2020 ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බවට පසුගිය දිනවල එජාප ඇමතිවරුන් ප්‍රකාශ කළද ඉදිරියේදී සිදුකිරීමට නියමිත ප්‍රතිසංවිධාන කටයුතුවලදී ලේකම් තනතුර පමණක් වෙනස්වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙය තවත් එක් ඇස්බැන්දුමක් පමණක් බව එජාප පාක්ෂිකයන් බහුතරයකගේ අදහස වන අතර පරාජය වසාගැනීමට ප්‍රතිසංවිධාන ඇස් බැන්දුම ඉදිරියට ගෙන එන බවයි ඔවුන් චෝදනා කරමින් කියා සිටින්නේ.
 
ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ කමිටුව විසින් නියෝජ්‍ය නායකයාට බලතල වැඩි කිරීම සඳහා ද නිර්දේශ කර ඇති අතර කෙසේ වෙතත් එවැනි වෙනසක් ඇතිවේද යන්න සැක සහිතය. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment