මහනුවර නොසන්සුන් වුණේ නායකත්වයේ අවුලකින් : ෆොන්සේකා.


මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය නිසි තැන නිසි නායකත්වයක් නොමැති කමින් ඇති වු බවත්, තමා සිටියේ නම් කිසි දා එවැනි සිදුවීමක් ඇති නොවන බවත් ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර ඇත්තේ අද (08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වූ අවස්ථාවේදීය.

නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද පැවසූ ෆොන්සේකා මහතා රට තුළ සාමය ඇති කර තමාට පළපුරුද්දක් ඇති බවත් සඳහන් කළේය.

රංජිත් මද්ධුමබණ්ඩාර මහතා තමාගේ හොඳම යහළුවෙක් බවත් ඔහුටවත් නිසි දැනුම් දීමක් නොකර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස පවසා අනතුරුව මෙම අමාත්‍යධූරය ලබා දී ඇති බවත් රටේ ආරක්ෂාවට කැමති සියලු දෙනා මෙම තීරණය නොපිළි ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නව පත්වීම සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන්ගේ තීරණය තමා කිසි විටෙකත් පිළිනොගන්නා බවත් රට ද එය පිළිනොගන්නා බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

සුළු සිදුවීම් හේතුවෙන් හිත් රිදවීම් ඇති වුවද ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑමට සුදානම් බවත් අවශ්‍ය වු විට නිවැරදි තීරණයන් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment