වැලිගම මැරියට් සිංගප්පූරුවට : East West කොටස් මිල 38% කින් උඩ යයි.


කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන East West Properties PLC සමාගම, සිය අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd හි තමන් සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ලියවිල්ලකට අත්සන් තැබූ බව නිවේදනය කර සිටී.

සිංගප්පූරුවේ HPL Hotels & Resorts Pte. Ltd. සමාගම සමඟ මෙලෙස එකඟතාවයකට එළඹීමට East West Properties PLC කටයුතු කර ඇත්තේ Weligama Hotel Properties Ltd හි 72% ක සිය කොටස් අයිතිය විකුණා දැමීම වෙනුවෙනි.

පසුගිය වසරේ වැලිගම දී විවෘත කරන ලද Weligama Bay Marriot Resort & Spa හෝටල් සංකීර්ණය පැවතියේ East West Properties PLC සතු Weligama Hotel Properties Ltd යටතේය.

මෙම නිවේදනයත් සමඟම අද (08) දිනය තුළ දී East West Properties PLC කොටසක මිල රු. 18.00 සිට රු. 22.60 දක්වා මිල ගණන්වල ගනුදෙනු සිදුවූ අතර අද දින අවසන් ගනුදෙනු මිල රු. 21.90 ක් වශයෙන් සටහන් විය.

මෙය පූර්ව දිනයට සාපේක්ෂව 38.61% ක කොටස් මිල ඉහළ යාමකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment