විමල්ට එරෙහි වරෙන්තුව යළි කැඳවයි

විමල්ට එරෙහි වරෙන්තුව යළි කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශව අත් අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබුණු වරෙන්තුව යළි කැඳවීමට අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෝසමක් ඉදිරිපත් කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අධිකරණයට භාර වූ බැවින් මෙලෙස වරෙන්තුව යළි කැඳවීමට අධිකරණය ක්‍රියා කර ඇත.

2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නීති විරෝධීව රැස්වෙමින්, මාර්ගය අවහිර කර මහජන පීඩාවක් සිදු කළේයැයි කුරුඳුවත්ත පොලීසිය විසින් විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයට කරුණු දක්වා තිබිණි.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන සැකකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට වරෙන්තු නිකුත් කර තිබිණි.

- NR

විමල් වීරවංශට වරෙන්තු

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment