බොදුබල සේනාව මේජර් අජිත් ප්‍රසන්නගේ රෙදි ගලවයි

බොදුබල සේනාව මේජර් අජිත් ප්‍රසන්නගේ රෙදි ගලවයි

 

නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න තමන් ආබාධිත රණවිරුවකු යැයි තමන් ම ප්‍රකාශ කර ගත්ත ද ඔහු මෙහෙයුම් පැවති ප්‍රදේශවල සේවය කළ අයකු නොවේ. ඔහු හමුදා සේවයේ යෙදී සිටියදී ඔහුව මෙහෙයුම් ප්‍රදේශවලට අනුයුක්ත කළ සෑම අවස්ථාවකදීම ඔහු එය මඟහරිමින් කට්ටි පැන ඇත. අවසානයේ ඔහුව යුද්ධාධිකරණයකට පමුණුවා වැරදිකරු කර දඬුවම් පමුණුවා ඇත. දඬුවම් කාලයෙන් අනතුරුව යළි සේවයෙහි පිහිටුවීමෙන් අනතුරුව අජිත් ප්‍රසන්න උසස් නිලයක් සඳහා වන විභාගයකදී විභාග වංචාවක් කර හසුවී ඇත. ඒ අවස්ථාවේදී ඔහුව දෙවැනි වතාවටත් යුද්ධාධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දී ඇත.

ඒ අනුව අජිත් ප්‍රසන්න යනු දෙවතාවත් යුධ අධිකරණයෙන් දඬුවම් ලැබූවෙකි. ඔහු හමුදාවෙන් ඉවත් වී ඇත්තේ ඉන් අනතුරුවය. අජිත් ප්‍රසන්න නීතීඥයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දී ඇත්තේ තමන් දෙවතාවක් යුද්ධාධිකරණයෙන් දඬුවම් ලැබූ බව සඟවමිනි. එය පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණය නොමඟ යැවීමකි.

එහෙයින් අජිත් ප්‍රසන්නව නීතීඥ වෘත්තියෙන් නෙරපා හරින ලෙස බොදුබල සේනාවෙන් කෙරෙණ ඉල්ලීම සාධාරණ බව පෙනේ. ඉහත අජිත් ප්‍රසන්න සම්බන්ධ කරුණු සත්‍ය බව යුධ හමුදා අභ්‍යන්තර ආරංචිමාර්ග ද සනාථ කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment