නිවසක ජල ටැංකියට වස දැමූ හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට

පිටිගල උවන්විඔිවිට ප්‍රදේශයේ නිවසක තිබු පානීය ජල ටැංකියකට වස දැමූ හිටපු හමුදා සෙබළකු මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත පිටිගල පොලිසිය පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත.
උවන්ටඔිවිට ප්‍රදේශයේ ඥාති පවුල් දෙකක් අතර කාලයක සිට පැවති ආරවුලක් හේතුවෙන් පානීය ජල
ටැංකියට මෙසේ වස දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 හිටපු හමුදා සෙබළා හා නිවසේ අනෙක් අය සමග පසුගියදා ආරවුලක් ඇති වී තිබේ. විම ආරවුලෙන් පසු මම උඹලාට හොඳ වැඩක් කරන්නම් යැයි හිටපු හමුදා සෙබළා පවසා තිබේ. ජල ටැංකිය නිවසට යාබදව පිහිටි කදක්

මත තබා ඇති අතර ඉකුත් 17 වැනි දින රාත්‍රී හිටපු හමුදා සෙබළා විසින් මෙම ටැංකියට වස දමා ඇති බව පොලීසිය පවසයි.

පසුව එම නිවසේ සිටි දසහැවිරිදි දරුවකු විසින් නිවසේ ජල කරාමය විවත කොට ජලය ලබා ගැනීමට උත්සාහ කොට ඇති අතර ම්ලයෙන් දුධයක් වචනය වි තිබේ. පසුව නිවෙස් හිමියා විසින් බෝතලයකට පැය දමා පරීක්ෂා කිරීමේ දි එහි කිරිපැහැයක් දක්නට තිබී ඇත. පසුව ඔහු ජල බෝතලයද රැගෙන පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කොට ඇත. වහා ක්‍රියාන්මක වූ පොලිසිය  යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ජල ටැංකියට තමන් විසින් වස දැමු බවට ඔහු පිළිගන ඇත. වස බෝතලයද පොලිසිය මගින් සොයාගෙන ඇත,
පොලිසිය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මගින් ජල සාමිපලයක් ගෙන පරීක්ෂාකොට තිබේ. අධි සාන්ද්‍රයෙන් යුතු වස ජලය සමග මිශ්‍ර වී ඇති බව අනාවරණය වී ඇත. වාසනාවට නිවසේ සිටි දරුවන් හා පවුලේ අය මේකී ජලය පානය නොකිරීම නිසා ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවූ බව පිටිගල පොලිස් ස්නාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය, සැකකරු ඇල්පිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් ගයාන් මීගවතාන මහතා පවසා ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාග රගත කොට ඇත. ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී 01 දුල්ෂාන් නාගහවත්ත මහතාගේ උපදෙස් මත පිටිගල පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment