තර්ජන නිසා කොටගල දිසා රෝහලේ වර්ජන

තර්ජන නිසා කොටගල දිසා රෝහලේ වර්ජන

 

පසුගිය 16 වනදා රාත්‍රියේ කොටගල ප්‍රදේශයේ ප්‍රාදේශිය දේශපාලකයකු සමග පැමිණි 200ක පමණ පිරිසක් එම රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට මැර තර්ජන එල්ල කර රෝහලේ විදුරුවක්ද කඩා දැමීම හේතුකොට ගෙන මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව එම රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඒ පිළිබඳව කරන ලද විමසිමකදි රෝහලේ ප්‍රකාශයකු පැවසුවේ 16 වනදා දින රාත්‍රියේ බීමතින් ඇද වැටිමෙන් තුවාල ලැබු රෝගියකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම රෝගියා හදිසි ප්‍රථිකාර සඳහා දික්ඔය රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ අවස්ථාවේ රෝහලේ ගිලන් රථයේ රියදුරු නොසිටි බැවින් එම රෝගියාගේ ඥතින් ඔවුන්ගේ වාහනයකින් රැගෙන යාමට ඉල්ලූ බවත් පසුව එම ප්‍රාදේශිය දේශපාලකයා 200 පමණ පිරිසක් සමග පැමිණ මැර තර්ජන එල්ල කළ බවත්ය.

ඉන්පසු ඒ පිළිබඳව පතන දිඹුල පොලිසියට පැමිණිලි කළ බවත් මැර තර්ජන සමග තමන්ට නිදහසේ රාජකාරි කිරිමට නොහැකි බවද එම ප්‍රකාශකයා පැවසීය. එම නිසා ඊට විරෝධය දක්වමින් වර්ජනයක් ආරම්භ කළ බව එම ප්‍රකාශකයා පවසයි.

කෙසේ වෙතත් වැඩ වර්ජනය හේතුවෙන් බාහිර රෝගි අංශයේ ප්‍රථිකාර කිරිම අත්හිටවුවද නේවාසික රෝගින්ට නිසි පරිදි ප්‍රථිකාර කරන බව ඔහු පැවසීය.

මේ පිළිබඳව පතන දිඹුල පොලිසියෙන් කරන ලද විමසිමකදි එහි නිලධාරියකු පවසා සිටියේ බැන වැදිමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත් ඒ අනුව පරීක්ෂණ සිදු කරන බවය.

එම්.සී.ඩී. මනුර - දික්ඔය

1 dddd

1 d

1 dd

1 dddddd

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment