වට්ස් ඇප් ෆේස් බුක් වලට විකුණා බිලියනපතියකුවූ දුප්පත් යුක්රේනුවාගේ කතාව


සමාජ මාධ්‍ය තහනම නිසා පසුගිය දිනවල ලංකාවේද වැඩිපුර කථාබහට ලක්වූ ‘වට්ස් ඇප්‘ වැඩසටහන නිර්මාණය වූ හැටි ගැන දන්නවාද? ඒ තුළ ධෛර්යවන්ත තරුණයෙකු පිළිබඳ සැඟවුණ කතාවක් ඇති බව ඔබ අසා තිබේද? ලෝකයේ සමාජ මාධ්‍ය අධිපතිවූ ෆේස් බුක් සමාගමටම වට්ස් ඇප් වැඩසටහන දැන් අයත්ය. නමුත් එය ඔවුන් ජෑන් කොඋම් නමැත්තෙකුගෙන් 2014 මිලට ගත් එකකි. ජෑන් ෆේස්බුක් වෙත ‘වට්ස් ඇප්‘
විකුණා දැමූයේ ඇමරිකානු ඩොලර් බිලියන 19 කටය. යුක්රේනයේ ඉතා දුෂ්කර ජිවිතයක් ගතකර ඇමරිකාවට ඇවිත් වැඩසටහන් නිර්මාණය කිරීමේ හැකියාව ප්‍රගුණ කළ ජෑන් ෆේස් බුක් සහ ට්විටර් සමාගම් වෙත සම්බන්ධවන්නට මුලින් උත්සාහ කර තිබුණත් ඔහුව ඒ දෙතැනින්ම ප්‍රතික්ෂේප වූ  අයෙකි.

2009 එම උත්සාහයන් අසාර්ථකවීමෙන් පසු සිය සගයෙකු සමග එක්වී ‘වට්ස් ඇප්‘ අරඹන ඔහු එය ලෝකයේ සිඝ්‍රයෙන් පැතිරෙන වැඩසටහනක් බවට පත් කරගන්නා අතරම එයට විශාල වටිනාකමක් හා කීර්ති නාමයක් උරුමකරගන්නේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට බිලියන 19 විශාල ගනුදෙනුවක් කර තමන් මුලින් ප්‍රතික්ෂේප කළ ෆේස් බුක් වෙතම එය විකුණන්නට හැකියාව ලැබේ. එමගින් ඔහු බිලියනපතියෙකු වෙයි.
තමන් උත්සාහයෙන් ජීවිතය ගොඩනැගූ අයුරු හා මේ ජයග්‍රහණය දක්වා ආ ගමන ගැන ජෑන් පසු කලෙක පුවත්පත්වලට විස්තර කර තිබේ.
යුදෙව් ජාතිකයෙකු වන ජෑන් තරුණවිය යුක්රේනයේ වාසය කර තිබෙන්නේ ඉතා ගැටලු කාරී වාතාවරණයකය. 1992 දී ඔහුට වයස 16 දී කොමියුනිස්ට් යුක්රේනයේ අර්ථිකය කඩා වැටුණ ඒ කාලයේ ඔහු මව පියා සමග අමාරුවෙන් ජීවත්වූ හැටි විස්තර කර තිබේ. රජය දුරකථන ටැප් කරන නිසා ෆොන් භාවිතය අන්තරායකාරී වූ බවත්

-----සම්පූර්ණ ලිපිය කියවන්න -
නවතම සඟරාමය වෙබ් අඩවිය ලයිෆ් ටිප්ස් වෙත යන්න http://www.lifetips.lk/
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment