හොලිරූඩ් තේ වත්තට රිලා රංචුවක් නිසා කරදර


රිලා රංචුවක් කඩා පැනිම  නිසා තලවාකැලේ හොලිරූඩ් තේ වත්තතේ කම්කරු ජනතාව දැඩි අසිරූතාවටකට පත්ව තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් තලවකැලේ හොලිරූඩ් තේ වත්ත ප්‍රදේශයට මාස කිපයක සිට රිලව් රංචුවක් සැරි සැරිම නිසා ප්‍රදේශවාසි කම්කරු ජනතාවට විවිධ
අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවි ඇති බවට මැසිවිලි නගති.

රිලවුන් විසිපහකගෙන් පමන සමන්විත වු මෙම රංචුව විසින් නිතර ඔවුන්ගේ ලැයින් කාමර වෙත පැමිණ වහලය සෙවිලිකර ඇති තහඩු අද දැමිම හා නිවස තුලට පැමිණ පිසු ආහාර හා නිවස තුල තැන්පත්කර ඇති ආහාර ද්‍රව්‍ය කා දැමිමත් අනෙකුත් භාණ්ඩ ඇද දැමා විනාශ කිරිම වැනි හානි සාදුකිරිම කුඩා ළමුන්ගේ ඇගට පැණිම නිසා දරුවන් තනිව නිවෙස් වල රදවා යාමට නොහැකි තත්ත්වයක්ද උද්ගතව ඇති බව පවසති.එමෙන්ම මෙම සතුන් නිසා රෝග බෝවිමේ අවධානයක් සම්බන්ධව බිය පත්ව සිටිති.
දිගින් දිගටම මාස කිපයක සිට පවතින මෙම රිලාකරදරය සම්බන්ධව නුවරඑළිය දිස්ත්‍රික් වන ජීවි කාර්යාලයට හා තලවාකැලේ පොලිසිය දැනුවත් කර ඇති බවද ඔවුන් පවසති.කිසිදු ආයතනයකින් ක්‍රියාමාර්ගයක් නොගැනිම නිසා ඔවුන් වඩාත් අසිරූතාවයට පත්ව ඇති බැවින් විදිමත් වැඩපිළිවෙලක් තුලින් මෙම සතුන් ප්‍රදේශයෙන් ඉවත් කිරිමට කටයුතු කරන ලෙසද බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

හැටන් - චන්දන ජයවීර







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment