බැසිල්-ගෝඨා ගැටුම එළියට

බැසිල්-ගෝඨා ගැටුම එළියට
බැසිල් රාජපක්ෂ මෙම විශ්වාස භංග යෝජනාව ප්‍රමාද කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අතර ඔහුට හිතවත් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඒ සඳහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ. විශ්වාස භංගය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ප්‍රසන්න රණතුංග සහ නිමල් ලාංසා එය ප්‍රමාද කළයුතු බවට දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර ඒ පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ බවයි වාර්තා වන්නේ.
 
විශේෂයෙන් දැනට ආණ්ඩු පක්ෂය තුළ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පවා ගෝඨාභය හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින් බැසිල් රාජපක්ෂ සිය බලමුළු තරකර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් ඔහු එජාප හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.
 
විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීම කිසිසේත් ප්‍රමාද නොකළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් ප්‍රකාශ කරන අතර එසේ වුවහොත් දැනට ඒ සඳහා අත්සන් තබා සිටින මන්ත්‍රීවරුන් සිය අදහස වෙන් කරගත හැකි බව ඔවුන්ගේ අදහසයි. බැසිල් එජාපය සහ අගමැතිවරයා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ගෝඨාභය පාර්ශ්වය විසින් එළිපිටම ප්‍රකාශ කරන අතර මේ නිසා ඒකාබද්ධ විපක්ෂය තුළ පැහැදිලි බෙදීමක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
විශේෂයෙන් මහින්ද රාජපක්ෂ සහභාගි නොවන සාකච්ඡාවලදී මෙම දෙපාර්ශ්වය අතර දැඩි වාද විවාද හටගන්නා අතර කෙසේ වුවද ඉතා ඉක්මනින් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයා වෙත බාරදෙනු ඇති බවයි වාර්තා වන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment