ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමේ සමුලුව ශ්‍රී ලංකාවේදී

ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමේ සමුලුව ශ්‍රී ලංකාවේදී
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉන්දුනිසීයාව, මාලදිවයින, මියෙන්මාරය, නේපාලය, තායිලන්තය, ටිමෝරය යන රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරීන් 70 ක් මෙම සමුලුවට සහභාගිවීමට නියමිතය.
 
මෙම සමුලුවේදී ගුණාත්මක ඖෂධ, ඖෂධ නියාමනය, තත්ත්ව පාලනය සහ රටවල ඉදිරි වසර 02 ක සැළසුම් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය. මෙහි ප්‍රථම සමුලුව පසුගිය වසරේදී ඉන්දියාවේදී පැවැත්විනි.
 
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර  රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර ඇත. මෙම සමුලුවේදී ශ්‍රි ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ ක්‍රියාවලිය පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිතය.
 
මෙම සමුලුව පිළිබද වැඩිදුර තොරතුරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ 077-3512828 දුරකථනය හා සම්බන්ධවීමෙන් ලබාගත හැක. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment