පන්සල්, පල්ලි ආරක්ෂා කරන්න ඇහැලියගොඩින් සංහිඳියා වැඩසටහනක්

පන්සල්, පල්ලි ආරක්ෂා කරන්න ඇහැලියගොඩින් සංහිඳියා වැඩසටහනක්

ඒ සඳහා ඇහැලියගොඩ ප්‍රදේශයේ සියලුම ආගමික නායකයන්, පොලීසිය සහ රාජ්‍ය ආයතන සහභාගි විය. එහිදී පොලිසිය සහ ආගමික නායකයන්ගේ අදහස් අනුව ජාතින් අතර අසමගිය ඇති නොවන අයුරින් පන්සල් සහ පල්ලිවල ආරක්ෂාව ඇති කර ගැනීමට සංවිධානාත්මකව වැඩසටහනක් ඇති කරගැනිණ.

මේ අවස්ථාවට ඇහැලියගොඩ අවට සියලුම බෞද්ධ ආගමික ස්ථාන නියෝජනය කරමින් බෞද්ධ නායකයන්, සියලුම පල්ලිවල මවිලවීතුමන්, ප්‍රදේශයේ කරිටාස් ආයතනයේ පියතුමන්, ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්වරිය සහභාගි විය.

මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ සවිබල පුරවැසි සංවිධානය සහ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සමග ව්‍යාපාරික සංගමය විසිනි.

කැලුම් ශ්‍රීපාලි - ඇහැලියගොඩ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment