මුහුණු පොතින් රීලෝඩ් දමාගන්න තරුණියකගෙන් උපායක්

වැලිගම ,බටවල ප්‍රදේශයේ තරුණියක් මුහුණු පොතේ තරුණයකු ලෙස පෙනී සිටිමින් පිරිමි නමක් හා පින්තූරයක් යොදා ගනිමින් අසල්වැසි නිවෙසක එක් දරු මවක් සමඟ හාදකම් පවත්වා තම දුරකථනයට
රිලෝඩි දමා ගත්

පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

කඩවසම් තරුණයකුගේ පින්තුරයක් මෙසේ මුහුණු පොතට යොදා ගෙන ඇති අතර හාදකම් පැවත් වූ මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයාද විදේශ රටක සේවය කරයි.

මෙසේ අවස්ථාවන් කිහිපයකදීම දුරකථනයට රිලෝඩ් දමා ගැනීමට සමත් වූ මෙම මේ කාන්තාව පසුව තම දුරකථනයේ අක්‍රිය වී ඇති බව පවසා ,නව දුරකථනයක් ලබා දෙන ලෙසද ඉල්ලීම් කර ඇත.පසුව මේ සිද්ධිය පිළිබඳව තවත් යෙහෙළියකට පැවසීමත් සමග කටින් කට මේ සිද්ධිය ගමේ කිහිපදෙනකු අතරට ගොස් ඇත. කාලයාගේ ඇවෑමෙන් ප්‍රසිද්ධ රහසක් බවට පත්වීමත් සමග මෙම කාන්තාවන් දෙදෙනා අතර ගැටුමක් දක්වා දුරදිග ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment