උතුරු තැපැල් දුම්රිය නරා වළක් - මගීන්ගෙන් චෝදනා

උතුරු තැපැල් දුම්රිය නරා වළක් - මගීන්ගෙන් චෝදනා

කොළඹ සිට යාපනය දක්වා ගමන් ගන්නා රාත්‍රී තැපල් දුම්රියේ රුපියල් 500ක් ගෙවා වෙන කළ ආසන මැදිරිවල ගමන් ගන්නා මගීන්ට ද මෙම තත්ත්වයට මුහුණදීමට සිදුව ඇත. ඒ වෙන්කළ ආසන මැදිරිවල පිහිටි වැසිකිලි හා මූතා නළ සියල්ලක්ම කැඩී යාම හේතුවෙනි. මෙම නළ කාලයක සිට සිට කිසිදු නවීකරණයක් කර නොමැති අතර නළවලින් කාන්දුවන අපවිත්‍ර දෑ මගීන් සිටින මැදිරි තුළටද ඒම නිසා එම මැදිරිවල ඇති වන දුර්ගන්ධ සමඟ ගමනාන්තය දක්වා මගීන්ට යාමට සිදුව ඇත.

එමෙන්ම රාත්‍රී කාලයේ මගී මැදිරි තුළ, ආසන තුළ මෙන්ම මැදිරියේ විවිධ ස්ථානයන්හි කැරපොත්තන් ආදී විවිධ කෘමීන් ගමන් කිරීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු සියලු මගීහු දැඩි අපහසුතාවයට පත් වන බවද මගීහු පවසති.

අදාළ ගැටලු සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන්ට කිහිප අවස්ථාවකදීම දැනුම් දුන්නද මෙතෙක් පිළිතුරක් ලැබී නැති බවද මගීහු කියා සිටිති.

එසේම වෙන්කළ මගී ආසන නම් කිරීමේදී ද කිසිදු විධිමත්භාවයක් නොමැති වීම නිසා වයෝවෘද්ධ ජනතාව අසීරුතාවයට පත්වන බවත් උතුරේ විවිධ වූ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී උතුරට එන මෙවැනි දුම්රියක ඇති අපිරිසිදුභාවය හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද දැඩි අපකීර්තියක් ඇති වන බවද ඔවුහු පවසති. වහාම දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට මගීහු වැඩිදුරටත් අවධාරණය කරති.

train 1 web

train 2 web

train 4 web

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment