මී කැඩීමට ගිය පුද්ගලයාට වලස් ප්‍රහාරයකින් තුවාල- මිතුරා ගසකට නැග බේරිලා


වවුනියාව, ඕපාත, කොම්බුවයිකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයකු පසුගිය (18) සවස වලස් ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.

ඕමන්ත පොලිසිය පැවසුවේ ඕමත්ත, මදර්පනික්කමහිලන්කුලම ප්‍රදේශයේ පදිචී සෙල්වම් මහේන්ද්‍රන් නමිති 42 හැවිරිදි පුද්ගලයකු එලෙස වලස් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා  ඇති බවයි.
අදාළ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනකු සමග මීපැණි සෙවීමට කැලය තුළට ගොස් ඇති අතර,

එහිදි වලස් පැටවුන් සමග සිටි වලසකුගේ ප්‍රහාරයට ලක් ව ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සමිබන්ධයෙන් තුවාලකරු සමග කැලෑවට පිවිසි පුද්ගලයකු පැවසුවේ තමන් මීපැණි කැඩිමට ගිය අවස්ථාවේ වලස් පැටව්වන් හයදෙනකු වලස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තා සමග වලස් රංචුවකට හසුවු අතර එහිදී වැලහින්නක් විසින් තම සගයාට පහරදුන් අතර තමන් සිදුකළ කෑගැසීම් හමුවේ වලසුන් පසු බෑ බවයි.

මෙහිදී තුවාල ලැබූ සගයාද සමග තමන් ගසකට නැග තමන්ගේ ඥාතීන්ට දුරකථනයෙන් කතාකොට තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා අතර, තමන්ගේ ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිලධාරීන් දැනුවත් කොට පොලිසිය සමග පැමිණ තමන් බේරාගත් බවද සිද්ධියට මුහුණදුන් පිරිස පැවසීය. සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදයන්ට වලස් ප්‍රහාරයන් දැඩි ලෙස තුවාල සිදුව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවසූහ.සිද්ධිය සම්බන්ධයෙන් ඕමත්ත පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, පොලිසිය පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව වනජීවී කාර්යාල නිලධාරීන් දැනුවත් කොට ඇති බවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment