ජනාධිපතිවරයා මාර්තු 13 වන දින ජපානයේ අහිකිතෝ අධිරාජයා මුණගැසීමට නියමිත අතර මාර්තු 14 වනදා සමුළු සාකච්ඡා සඳහා ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා හමුවීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාව වර්ධනය සඳහා අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයින් සාකච්ඡා කරනු ඇත.
සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය (ජයිකා) අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමට ද සංචාරය අතරතුර නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපන් වෙළඳ සංවිධානය (ජෙට්‍රෝ) විසින් සංවිධානය කරන, ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම සත්කාරකත්වය දරණ ව්‍යාපාරික රැස්වීමකට ද සහභාගී වනු ඇත.
එසේම ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් හමුවීමට ද නියමිතය.
RN
0 comments :
Post a Comment