16 න් පහළ ආසියානු චෙස් ශූරයා ධර්මාශෝකයේ සසිත් පියුමන්ත

16 න් පහළ ආසියානු චෙස් ශූරයා ධර්මාශෝකයේ සසිත් පියුමන්ත
මෙරට ෆිඩේ මාස්ටර් චෙස් ශූරයෙකු වූ පළමු පාසල් ක්‍රීඩකයා වන්නේ ද සසිත් පියුමන්තය.
 
16 න් පහළ කාණ්ඩයෙන් ආසියානු කලාපයේ ප්‍රබල ක්‍රීඩකයන් 34 දෙනෙකු තරග වැදුණු අතර ඔවුන් සියලු දෙනා අභිභවා යමින් ශූරතාවයට හිමිකම් කීමට සසිත් සමත්ව තිබේ. මෙම ජයග්‍රහණය මෙරට චෙස් ඉතිහාසයට එක් වන්නේ ඕනෑම වයස් කාණ්ඩයකින් ආසියානු කලාපයේ චෙස් තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළතම දස්කම වශයෙනි.
 
මේ වනවිට බටහිර ආසියානු, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය කලාපයේ තරගාවලිය 13 කට ඔහු සහභාගි වී ඇති අතර එම තරගාවලිවලදී ඉහළ දස්කම් දැක්වීමට සමත්ව තිබේ.
 
චෙස් ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දක්වන සසිත් 2017 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අතර එහිදී ඒ සාමාර්ථ 8 ක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් විය.
 
sasith 2
sasith 3
sasith 1
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment