
මඩුගල්ලේ දිසාව සිහි කිරීම සඳහා මාතලේ පුස්තකාලය ඉදිරිපිට ඉදිකළ පිළිරුව නිරාවරණය කිරීම කතානායකවරයා අතින් සිදු වූ අතර මඩුගල්ල වෙබ් අඩවිය හඳුන්වා දීම ද මීට සමගාමීව පැවැත්විණි. වීර මඩුගල්ලේ ජාතික පදනම විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
උත්සවය අමතමින් කරුණු දැක්වූ කරු ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එදා මෙන්ම පටු දේශපාලන අරමුණු වෙනුවෙන්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් රට පාවාදෙන්නන් පරාජය කිරීම සඳහා සටනක් දියත් කිරීමට සිදුව ඇති බවයි. නිදහස ලබන විට ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටි ජපානය, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් අද වනවිට ශ්‍රී ලංකාව අභිභවා සංවර්ධනය අතින් ගව් ගණනක් ඉදිරියට ගොස් සිටින බව ද කතානායකවරයා පවසයි.






0 comments :
Post a Comment