සුළි සුළඟකින් පුත්තලමේ නිවාස 30කට හානි

සුළි සුළඟකින් පුත්තලමේ නිවාස 30කට හානි

වර්ෂාවත් සමඟ හමා ආ සුළඟේ වේගය සීග්‍රයෙන් වැඩිවීමත් සමඟ මෙලෙස නිවාසවලට දැඩි අලාභ හානි සිදුව තිබේ.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති මදිනා නගර් ගම්මානයේ නිවාස හතකට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර, ඉන් නිවාස තුනක වහලය සම්පූර්ණයෙන් සුළඟින් කැඩී ගොස් ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස හතරක් පමණ වාර්තා වී ඇති බවයි පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මිය පැවසූවේ.

තවද, රහමත් නගර් ගම්මානයේ නිවාස විසිපහකට පමණ අර්ධ හා සුලු හානි සිදුව ඇති අතර, නිවාස වටා ඉදිකර තිබූ තහඩු වැටවල් මුළුමනින්ම ගැලවී විනාශ වී තිබේ.

ඒ පිළිබඳව කළ විමසීමේදී පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මිය පැවසුවේ නිවස විසිපහකට පමණ අලාභ හානි සිදුවූ බව වාර්තා වී ඇති බව සහ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා යොමු කළ බවයි. එහෙත් තවමත් නිශ්චිත ප්‍රමාණය හෝ හානි පූරකය ගණනය කිරීමට නොහැකි වී ඇති බවද ඇය කියා සිටියාය.

sulisulan 1

sulisulan 2

sulisulan 3

sulisulan 4

sulisulan 5

sulisulan 6

කේ. ප්‍රියංකර - පුත්තලම

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment