
ආණ්ඩුවේ පවත්නා මූල්‍ය අර්බුද හේතුවෙන් 35%ක් වන මාසික හිලව් දීමනාව 10%ක් දක්වා පහත දැමීමට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව එකඟතාව පළ කළ නමුත් ඊට කෘතවේදී වීමට හෝ ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි මල්වත්ත මහතා පෙන්වා දුන්නේ. එම දීමනාව ගෙවුණු ජනවාරි මස සිට ලබා දිය යුතු වුවත් එය අප්‍රේල් මස සිට ලබා දීමට හැකි බවත් ඒ අනුව වැඩවර්ජනය අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බවත් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේය.
එමෙන්ම සිය ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා සමඟ වන 2016 එකඟතා ගිවිසුමෙන්ද ඉවත්වන්නැයි එම දෙපාර්ශවය ඉල්ලා සිටින බවද එම වෘත්තීය සමිති කමිටුව ප්‍රකාශ කළේය. මෙතෙක් පැවති සාකච්ජාවන්හිදී එලෙස කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොවූ අතර ඉල්ලීම් ඉටුකිරීමට එකඟ වීමෙන් පසු කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින බවයි වර්ජකයන් පවසන්නේ. කෙසේ වෙතත් එකඟ වූ පරිදි ඉල්ලීම් ඉටුකරන තෙක් වැඩවර්ජනය ක්‍රියාත්මක බව ඔවුහු අවධාරණය කළහ.
පසුගිය 04 වැනිදා සිටි සේවයට වාර්තා කිරීමට සිය සේවකයන් උත්සහ කළද ඊට සහයෝගය නොදැක්වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම බවයි විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ
මේ අතර සිය වෘත්තීය ඉල්ලීම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් අද (10) පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමටද විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කටයුතු යොදා තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment