ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය සුජාතා සේනාරත්න

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය සුජාතා සේනාරත්න

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි. සමස්ත සෞඛ්‍ය පරිපාලකයින් නියෝජනය කරන මෙම වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය තේරී පත්වීම විශේෂත්වයකි.

ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක බෝනොවන රෝග පාලනය සඳහා වන වැඩපිළිවෙළ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් මෙන්ම වැඩි ඵලදායි තත්ත්වයකින් ඉදිරියට ගෙන යන බව විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙහිදී පැවැසීය. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ශ්‍රී ලංකාවක් බිහි කරන බවට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවැසුවාය. ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සහයත් මේ සඳහා හිමිවන බැවින් වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව බෝ නොවන රෝග පාලන වැඩපිළිවෙළ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමට හැකි බව ද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය පැවැසුවාය.

මෙම උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරුන්ට, හිටපු ලේකම්වරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට සමරුඵලක පිළිගන්වන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Dr Tedros Adhanom Ghebreyesus මහතා, කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ඇතුළු වෛද්‍ය පරිපාලකයින් රැසක් එක්ව සිටියහ.

doctor 1

doctor 2

doctor 3

doctor 4

doctor 5

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment