CIMA නිලධාරීන් 9 ක් දොට්ට දැමුවැයි නීති මගට


වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනයේ (CIMA) පැරණි සේවකයින් 9 දෙනෙකු අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළැයි කියමින් ඔවුන් නීති සගට පිවිස ඇතැයි වාර්තාවේ.
එම ආයතනයේ සේවය කළ වයස අවුරුදු 29 ත් 53 ත් අතර පසුවන්නාවූද සේවා කාලය අවුරුදු දෙකහමාරේ
සිට අවුරුදු 26 දක්වා වන්නාවූද විධායක මට්ටමේ සේවකයින් මේ ආකාරයට අත්තනෝමතිකව ඉවත් කර ඇත්තේ කිසිදු නීතියකට අනුකූලව නොවන ලෙස බව ඔවුහු චෝදනා කරති.
පසුගිය පෙබරවාරි මස 21 වන දින ආයතනයේ සියලු සේවකයින්ට රැස්වීමක් පවත්වා තිබෙන බවත් එහිදී සියල්ලන් රැස්වීමට

යද්දී මොවුන් 9 දෙනාට පමණක් වෙනම තැනකට එන්න කියා තිබෙන බවත් පැවසෙන අතර එම අවස්ථාවේ ඔවුනට දන්වා ඇත්තේ මෙම ආයතනය සිය ගෝලීය ව්‍යාපාර පරිවර්තන උපාය මාර්ගය අනුව වෙනස්කම් සිදුකරන බවත් ඒ අනුව මෙම 9 දෙනා අනවශ්‍ය අය ලෙස සලකා ඇති බවත්ය. ඔවුන්ට බලහත්කාරයෙන් අස්වීමේ විධානය ලබාදී ආයතනය මගින් ඔවුන්ට පිරිනමා තිබූ බව කියන ලැප්ටොප්,ක්‍රෙඩිට් කාර්ඩ්,කබඩ් යතුරු හා දුරකථන සියල්ල එදින බාර දෙන්නටද අණ කර තිබේ.
තමන්ට ඉල්ලා අස්වැන්නැයි බලකරන ලියුම් ලියවා ගත් බවද ඔවුන් පවසා තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට හා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිර තිබෙන මෙම සේවකයින් ඇමරිකාවේ CIMA බලධාරීන් දැනුවත් කරන්නටද පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේදී නීති පියවර ගන්නා බවද දන්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment