ශ්‍රිලනිපේ තරහ කරගෙන ආණ්ඩු කරන්න බැහැ - මනෝ ගනේෂන්

ශ්‍රිලනිපේ තරහ කරගෙන ආණ්ඩු කරන්න බැහැ - මනෝ ගනේෂන්

ජාතික ආණ්ඩුව තුළ සිටින පාර්ශව දිගින් දිගටම එකිනෙකාට එරෙහි වීමෙන් සිදු වන්නේ දිනෙන් දින ජාතික ආණ්ඩුව කඩාවැටී එහි වාසිය විරුද්ධවාදීන් අතට පත්වීම බව සියලු දෙනා අවබෝධ කර ගත යුතු යැයි අමාත්‍යවරයා පවසයි.

"විශ්වාසභංග යෝජනාව ගෙන ආ ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වුණේ ජාතික ආණ්ඩුව තුළ බෙදීමක් ඇති කරන්න. එය සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ තවදුරටත් එය වැඩි කරන්න එපා. තරහව, කේන්තිය තිබුණත් පවතින තත්ත්වය දේශපාලනිකව තේරුම් ගත යුතු වෙනවා. මුහුණ එක්ක තියෙන තරහට නහය කපා ගත්තට වැඩක් නැහැ. විශ්වාසභංග යෝජනාවට සහය නොදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සම්බන්ධයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරු විසඳුමක් යෝජනා කළා. මම හිතනවා එය එසේ සිදු විය යුතු නැහැ. ඒවයෙන් වෙන්නේ වෛරය වැඩි වීම විතරයි.

අනුර ප්‍රියදර්ශන අමාත්‍යවරයා මට කිව්වා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දෙන්න තීන්දුවක් අරන් තියෙන්නේ. ඉන් පසුව අපි ආණ්ඩුවෙන් ඉවත්වෙලා විපක්ෂයේ වාඩි වෙනවා. නමුත් අපි ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. වැදගත් කරුණු වලදී අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා කියලා. ඒ විදිහට තමයි එතුමා මට කිව්වේ. අනුර ප්‍රියදර්ශන ඇමතිතුමා එහෙම කියද්දී මට අනිත් පැත්තේ ෂීට් එකේ හිටියේ මලික් සමරවික්‍රම මහත්මයා. මම මේ බොහොම වගකීමෙන් කියන්නේ. මම කියන්නේ ඔවුන්ව තවදුරටත් තරහ කරගතයුතු නැහැ. මොකද රටේ ජනාධිපතිතුමා කියන්නේ ඒ පක්ෂේ නායකයා. පක්ෂය තරහ කර ගත්තොත් ජනාධිපතිතුමාත් තරහ වෙන එක වෙන්නේ. එහෙම තරහ කරගෙන මේ වැඩේ කරන්න බැහැ."

කෙසේ වෙතත් අවුරුදු නිවාඩු සමය තුළ මෙම අර්බුදකාරී තත්ත්වයන් සමනය වීමෙන් පසු නැවත අලුත් ගමනක් ආරම්භ කරන බවයි මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment