කෝටි දෙකක ලොතරැයි ජය මුදල මඩකලපුවේ කුලිවැඩ තරුණයෙකුට

ලග්න වාසනා ලොතරැයියේ රුපියල් කොටි දෙකේ ජය මල්ල හිමිකර ගැනීමට මඩකලපුව ප‍්‍රදේශයේ තරුණයෙකු සමත්ව තිබේ.
මදිඅලගන් කිරුශාන්ත් (26) වන ඔහු මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජාතික ලොතරැයි මණ්ඩලය

මගින් පසුගිය මාර්තු මස 09 වෙනිදා අදාල ටිකට් පතේ ජයග‍්‍රාහි රුපියල් කෝටි දෙකේ මුදල කිරුශාන්ත්ට ලබාදීමට පියවර ගෙන තිබේ.
සිය පවුලේ අම්මා සහ බිරිඟ සමග වයස අවුරුදු 4 ක කුඩා දියණියක් ද සමග දිවිගෙවන කිරුශාන්ත් එදිනෙදා කුළි වැඩ කරමින් ජීවත් වන පුද්ගලයෙකු බව සදහන් කළේය.
තමන්ටම සුදුසු කුඩා ව්‍යාපාරයක් අරඹා පවුලේ අය සමග සතුටින් ජීවත් වීම සිය අරමුණ බව කිරුශාන්ත් වැඩිදුරටත් කියා සිටියේය.


(නාඋල - ඉන්දික අරුණ කුමාර)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment