මැරයන් අරාක්ෂා කිරීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්


කොටහේන වෙඩි තැබීමට සම්බන්ධ පාතාල නායක දිනුකගේ ගෝලයකු ආරක්ෂා කිරිමට ඔහු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් වේල්ලවීදියේ පොලීසියේ පොලිස් නිලධාරින් දෙදෙනකුගේ වැඩ 9දින සිට තහනම් කර තිබේ.

මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේය. ඉකුත් මස 8 වෙනි දින රාත්‍රියේ කොටහේන, හෙට්ටියාවත්ත මංසන්ධියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී 56 ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකදී එක් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබිය.මෙහිදී ජීවිතක්ෂයට පත්වූයේ මිලාන් මධුසංඛ (29) නමැති පලතුරු ව්‍යාපාරිකයෙකි.

මෙම ඝාතනය දිනුකගේ ප්‍රධාන ගෝලයකු වන ධනුක විසින් මෙහෙයවා තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඔහුව පොලිස් විශේෂ කාර්ය බලකාය. කොළඹ
අපරාධ කොට්ඨාසය හා කොටහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.

ඒ අතරතුර වේල්ලවීදියේ ජංගම මුර සංචාරය යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් මොහුව හෙරොයින් මිලිග්‍රෑම් 600ක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරවීමට කටයුතු සලසමින් තිබියදී මොහු පිළිබඳ අපරාධ කොට්ඨාසය විසින් කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු ඔහුව ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.

මෙම සැකකරු පොලීසියට අත්‍යවශ්‍ය අයෙකුව සිටියදී මෙම නිලධාරීන් විසින් හෙරොයින් වලට ඔහුව බන්ධනාගාරගත කරවීමට උත්සාහ කිරීම් සම්බන්ධයෙන් පෙරේදා දින සිට වෙනම විමර්ශනයක් අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර තිබේ.
මෙය මෙම නිලධාරීන් විසින් ධනුකව ආරක්ෂා කිරීම සඳහා හිතාමතා කළ ක්‍රියාවන්ද යන්න මෙහිදී විමර්ශනය කෙරේ. එබැවින් ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට  ක්‍රියාකර ඇති බව පොලීසිය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment